මුස්ලිම් පූජකයාගේ ඝාතකයාට මරණ දඬුවම

Image copyright AFP
Image caption යාඥාව අවසන් වී පල්ලියකින් පිටවී යන චීනයේ මුස්ලිම් බැතිමතුන්

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකයා ඝාතනය කළ තරුණයන් දෙදෙනාගෙන් එක් අයකු මරණ දඬුවමට යටත් කර අනෙක් තරුණයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දී ඇති බව එරට රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේය.

චීන ආණ්ඩුව එරට බටහිර කලාපයේ පිහිටි කශ්ගාර් නගර පල්ලියේ ප්‍රධාන පූජක තනතුරට ජූම් තාහීර් පත් කළ අතර පසුගිය ජුලි මාසයේදී ඔහු ඝාතනය විය.

මෙම ඝාතනයට වගකිවයුතු තරුණ කණ්ඩායම ආගමික අන්තවාදයේ බලපෑමට හසු වී ඇති බව අධිකරණය ප්‍රකාශ කළේය.

ඝාතකයන් සොයා කළ මෙහෙයුම් වලදී ජූම් තාහීර්ගේ මරණයට වගකිවයුතු බවට සැක කෙරෙන තවත් තරුණයන් කිහිප දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර