හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පෙරට

Image copyright AFP

හොංකොං දූපතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ලක්ෂ සංඛ්‍යාත විරෝධතාවාදියෝ බලධාරීන්ගේ බලවත් විරෝධය මැද නොනවත්වාම උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති .

මධ්‍යම වෙළඳ දිස්ත්‍රික්කයේ වීදි හරස් කර බැංකු, කඩ සාප්පු හා පාසල් වසා දමන ලෙස විරෝධතාකරුවන් බල කරන ලද බවයි වන්නේ.

2017 වසරේදී පැවැත්වෙන මැතිවරණයේදී තමන්ට කැමති නායකයෙකු පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලමිනුයි උද්ඝෝෂකයෝ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ.

එම උද්ඝෝෂණ නීති විරෝධී බව පවසන චීන ආණ්ඩුව ඊට සහය නොදක්වන ලෙස වෙනත් රටවලට අනතුරුඇඟවීමක් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර