හොංකොං සිසු අරගලය තවත් දරුණු අතට

Image copyright BBC World Service

දින පහක් පුරා නගරය අකර්මණ්‍ය කරමින් පැවති අති විශාල විරෝධතා ව්‍යාපාරය නවතා සාමකාමී ලෙස විසිර යන මෙන් හොංකොං රජය විරෝධතා කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ නගරය පුරා ගැටුම් කාරී තත්වයක් ඇති වීමේ අවදානමක් පවතින නිසා බවයි වාර්තා වන්නේ.

Image copyright Getty

ශිෂ්‍ය සංවිධාන නායකයින් රජයට තර්ජනය කරමින් කියා සිටින්නේ හොංකොං පාලක ලියුන්ග් සිය ධුරයෙන් ඉවත් නොවුනොත් රජයේ ගොඩනැගිලි වලට ඇතුළු වන බවයි.

හොංකොං පොලිසිය පවසන්නේ රජයේ ගොඩනැගිලි වලට ඇතුල් වීම වැනි නීති විරෝධි ක්‍රියා වල නිරත වීමට විරෝධතා කරුවන්ට ඉඩ නොදෙන බවයි.

දින කීපයකට පෙර ප්‍රකාශයක් කරමින් චීනය කියා සිටියේ හොංකොං පාලකයාට සහ පොලිසියට සිය සම්පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර