ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෝඩි පාර අතුගායි

ඉන්දීය නිදහස් සටනේ නායක මහත්මා ගාන්ධි ජන්ම දිනය මෙවර සමරන ලද්දේ ජාතික මට්ටමේ පවිත්‍රතා ව්‍යාපාරයක් දියත් කරමිනි.

මහත්මා ගාන්ධි ජන්ම දිනය ඉන්දියාවේ රජයේ නිවාඩු දිනයකි.

එහෙත් අගමැති නරේන්ද්‍ර මෝඩි මෙම වසරේ ගාන්ධි සමරන ලද්දේ දස දහස් ගණන් පාසල් දරුවන්, පිරිසිදු කිරීමේ සේවකයින් සහ කාර්යාල සේවකයන් දිරිමත් කරමින් ඉහත කී පවිත්‍රතා ව්‍යාපාරයට එක් වෙමිනි.

දිල්ලි අගනුවර දිළිඳු පවුල් ජීවත් වන පෙදෙසක මාර්ගයක් පිරිසිදු කිරීමට එකතු වූ අගමැතිවරයා රජයේ නිවාඩු දිනයේ දී ඉන්දියානු ජනතාව රට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට කැඳවා තිබූ අතර සිවිල් සේවකයන් ඒ සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් පළ කර නොමැති බවයි වාර්තා වන්නේ.

අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2019 වන විට ඉන්දියාව කුණු කසල වලින් තොර රටක් බවට පත් කිරීමට සහ සෑම නිවසකටම වැසිකිළි පහසුකම් සපයා දීමට කටයුතු කරන බවයි.

ඉන්දියාව ලොව අපිරිසිදුම රටවල් වලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

ඉන්දියාවේ සංවර්ධන කටයුතු අඩාළ වීමට සහ අපිරිසිදු බව නිසා වැළඳෙන රෝග වලින් මිය යන කුඩා දරුවන්ගේ මරණ ඉහළ මට්ටමක පැවතීමට අපිරිසිදු භාවය ප්‍රධානතම හේතුවක් බවට පත්ව තිබේ.