ද්විත්ව පුරවැසිභාවය ඇති පන්සීයකට නඩු

Image caption පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගෙන තිබියදී ඉන්දීය පුරවැසිභාවය ද දරා සිටීම ඉන්දීය නීතියට අනුව වරදකි

නීති විරෝධී ලෙස ද්විත්ව පුරවැසිභාවය ලබා ගෙන ඇති බවට චෝදනා ගොනු කරමින් ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ පන්සීයකට අධික පිරිසකට නඩු පවරා තිබේ.

මොවුන් පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගෙන තිබියදී ඉන්දීය පුරවැසිභාවය ද දරා සිටින අතර එය ඉන්දීය නීතියට අනුව වරදකි.

චෝදනා ලබා සිටින අය අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ අධිකරණ නිලධාරීන් හය දෙනකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ගෝවා ප්‍රාන්තය පෘතුගීසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවතුණු අතර එහි බොහෝ පුරවැසියෝ පෘතුගාලයේ පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබති.

නමුත් එවැනි පුද්ගලයන්ට රජයේ රැකියා කිරීම සඳහා ඉන්දීය නීතියෙන් අවසර ලැබී නැත.