හොං කොං විරෝධතාකරුවන්ගේ අඩු වීමක්

Image copyright AFP
Image caption හොං කොංහි වෙළඳ දිස්ත්‍රික්කයේ වීදි තුළ ඉතිරිව සිටි විරෝධතාකරුවන්

හොං කොං දූපතේ වීදි බැස සිටි ප්‍රජාතන්ත්‍ර හිතවාදී ක්‍රියාකරුවන්ගේ සංඛ්‍යාවෙහි ශ්‍රීඝ‍්‍ර අඩු වීමක් දක්නට තිබේ.

ආණ්ඩුව සමග කෙරෙන සාකච්ඡාවල ප්‍රගතියක් සිදු නොවුණොත් විරෝධතාකරුවන් නැවත වීදි බැසීමට ඉඩ ඇති බව ශිෂ්‍ය ව්‍යාපාර නායකයෝ පවසති.

Image copyright Reuters
Image caption සඳුදා උදෑසන රජයේ සේවකයෝ රැකියාවලට නැවත වාර්තා කළහ

සතියකට වැඩි කාලයක් පැවති උද්ඝෝෂණ වලින් පසු දූපතේ ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පැමිණ ඇති බව දක්නට ඇත.

සිවිල් වෘත්තිකයන් නැවත සේවයේ නිරත වන අතර වසා දමා තිබූ පාසල් යළි විවෘත කර තිබේ.

නමුත් මෙය ආණ්ඩුව සහ විරෝධතාකරුවන් සහභාගී වී කෙරෙන සාකච්ඡා අතරතුර සිදු කළ උපායමාර්ගික පසුබැස්මක් යැයි ශිෂ්‍ය නායකයෝ පැවසූ බව බීබීසී වාර්තාකරු කියා සිටියේය.

දෙදහස් දාහත වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී තමන්ට කැමති නායකයෙකු පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස උද්ඝෝෂකයෝ චීන පරිපාලනයෙන් ඉල්ලා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර