ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කාශ්මීරයේ දරුණු ගැටුම්

මතභේදයට ලක් වී ඇති කාශ්මීර කලාප දේශ සීමාවේ ස්ථාන කිහිපයකදී ඉන්දීය සහ පාකිස්තානු හමුදා අතර දරුණු වෙඩි හුවමාරුවක් ඇති වී තිබේ.

වෙඩි හුවමාරුවට හසු වී ඉන්දීය පාලනය පවතින කාශ්මීරයේ වැසියන් පස් දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර පකිස්ථාන පාලනය පවතින කලාපයේ වැසියෝ හතර දෙනෙකු මිය ගියහ.

කාශ්මීරය සම්බන්ධයෙන් දෙදහස් තුන වසරේදී දෙරට අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබිණි.

ඊඩ් උත්සවය

සටන් විරාමයෙන් අනතුරුව සිදු වූ දරුණුතම ගිවිසුම් උල්ලංඝනය කිරීම් අතරට මෙම ප්‍රහාරය එක් වේ.

දෙරටේ කාශ්මීර ගම්වැසියන් ඊඩ් මුස්ලිම් උත්සවය සමරන අවස්ථාවේ ගැටුම් ඇවිළී ගොස් තිබේ.

පළමු වෙඩි තැබීම කළ බවට එකිනෙකාට චෝදනා කර ගන්නා දෙපාර්ශවය ඊට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් තම සොල්දාදුවන් වෙඩි තැබීම ආරම්භ කළ බවත් කියා සිටිති.