සිරියාවේ කොබෙන් වැසියන් බේරාගැනීමේ මෙහෙයුමක්

සිරියාවේ කුර්දි ජනතාවට අයත් කොබෙන් (Kobane) නගරයේ කොටුවී සිටින දහස් ගණන් සාමාන්‍ය වැසියන් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇත.

ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් ඊයේ, සඳුදා කොබෙන් නගරයට ඇතුල්වූ අතර මේ සමඟ මහා මිනිස් ඝාතනයක් අතලඟම සිදුවනු ඇති බවට බියක් පලවී තිබේ.

නගරයේ ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වන විටත් අසල්වැසි තුර්කියට පලා ගොස් ඇති අතර තුවාල ලැබූ තුර්කි සටන්කරුවන් ඇතුළු දහස් ගණන් ජනතාව ගිලන් රථවලින් ගෙන යනු දක්නට ලැබිණ.

මේ අතර, ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානා පැය ගණනාවක් හඹා යාමෙන් අනතුරුව කොබෙන් නගරයට අද උදේ ගුවනින් ප්‍රහාර එල්ල කොට ඇති බවට වාර්තා විය.

ඊයේ රාත්‍රී සිට තුර්කි ජාතිකයන් වෙසෙන නගරවල පොලීසිය සහ කුර්දි කණ්ඩාම් අතර ගැටුම් හට ගෙන තිබූ නමුත් තුර්කි හමුදා මෙතෙක් ඊට මැදිහත් වී නොමැත.