දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන් සමාව ඉල්ලයි

Image copyright Reuters
Image caption මෙම අනතුරින් තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත අහිමි විය

තුන්සියයකට වැඩි පිරිසකට මරු කැඳවමින් පසුගිය අප්‍රියෙල් මාසයේදී සිදුවූ දකුණු කොරියානු මුහුදු යාත්‍රා අනතුරට වගකිවයුතු කපිතාන්වරයා සිදුවූ ව්‍යසනය පිළිබඳව අධිකරණය හමුවේ සමාව ඉල්ලා සිටියේය.

මෙම අනතුරින් මිය ගිය අය අතරින් වැඩි දෙනා පාසැල් ළමුන් බවටයි වාර්තා වූයේ.

කපිතාන් ලී ජූන් සියොක් තමන් බරපතළ අපරාධයක් සිදු කළ බව පිළිගත්තේය.

මීට ප්‍රථම ඔහු පැවසා තිබුණේ යාත්‍රාව උඩු යටිකුරු වීමට පෙර තමා නියමු මැදිරිය තුළ සිටිය යුතුවූ බවයි.

අනතුරට පත් යාත්‍රාව තුළ රැඳී සිටින ලෙස මගීන් ට උපදෙස් දී යාත්‍රාව අත්හැර ගිය සේවක මණ්ඩලයට අයත් කිහිප දෙනා අතර කපිතාන් ලී ද සිටි බවයි පැවසෙන්නේ.

තමා කළේ නිවැරදි දෙය නොවන බව කපිතාන් ලී පිළිගත් නමුත් මිනී මැරීමේ අභිලාෂයක් නොතිබුණු බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර