කුර්දිෂ් උද්ඝෝෂණ වලින් තුර්කියේ දොළහක් මරුට

Image copyright AFP
Image caption දරුණුතම කෝලාහල සිදුවී ඇත්තේ ගිනිකොන දිග තුර්කියේ බවයි පැවසෙන්නේ

සිරියාවේ කෝබෙන් නගරය ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙස තුර්කි රජයට බලකරමින් කුර්දිෂ් විරෝධතා කරුවන් විසින් පවත්වනු ලැබූ විරෝධතා හේතුවෙන් දී අවම වශයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු වත් මියගොස් තිබේ.

තුර්කියේ අන්කාරා හා ඉස්තාම්බුල් ඇතුළු නගර කිහිපයක පැතිර ගිය උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා තුර්කි පොලීසිය විසින් ජල විදින යන්ත්‍ර සහ කඳුළු වායුව යොදා ගනු ලැබූ බවයි පැවසෙන්නේ.

ගිනිකොන දිග තුර්කියේ දරුණුතම කෝලාහල පැතිරගිය අතර දියාබකිර් ප්‍රදේශයේ දී පුද්ගලයන් පස් දෙනෙකු මරා දමා තිබුණි.

මේ අතර බ්‍රසල්ස් නුවර සිටින කුර්දිෂ් විරෝධතා කරුවන් යුරෝපා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවී ප්‍රබල ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලා උද්ඝෝෂණය කළ බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර