දින දාහතක් මහ වනයේ අතරමංව

Image copyright Queensland Police
Image caption අතරමං ව සිටි ෆ්රාසර් සෙවුම් කණ්ඩායම් විසින් යොදන ලද මං සලකුණු ඔස්සේ කැලෑවෙන් පිටතට පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියාවේ උතුරු 'ක්වීන්ස්ලන්ඩ්' කැලෑවේ දී අතරමං වූ තිස් හැවිරිදි කාන්තාවක් දින දාහතකට පසු ප්‍රාදේශීය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

‘ගෝල්ඩන් හෝල්’ නමින් ප්‍රසිද්ධ ස්වාභාවික පිහිනුම් තටාකයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග ඇය දිය නෑමට ගොස් සිටියදී සිය කණ්ඩායමෙන් මගහැරී ඇති බවයි වාර්තා වන්නේ.

තිදරු මවක් වන ෆ්රාසර් සැප්තැම්බර් විසි එක් වෙනිදා අතුරුදහන් වීමෙන් පසු ඇය සමග කැලෑවට ගොස් සිටි ඇයගේ පෙම්වතා විසිනුයි ඒ බව පොලිසියට දැනුම් දී තිබුනේ.

පොලිස් නිලධාරීන් සහ හදිසි සහන සේවා නිලධාරීන් විසි පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඇය සෙවීමේ මෙහෙයුම් වල නිරත වූ අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා සහ පාපැදි යොදා ගෙන තිබේ.

ආහාර පාන වලින් තොරව දින දාහතක් කැලෑවේ අතරමං ව සිටි ෆ්රාසර් සෙවුම් කණ්ඩායම විසින් යොදන ලද මං සලකුණු ඔස්සේ කැලෑවෙන් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර