ඉබෝලා ගොදුරුවූවන් තවත් දස දහසක්?

Image copyright Getty

ඉබෝලා වසංගතය මැඩලීමට මහා පරිමාණයේ ජාත්‍යන්තර ප්‍රයත්නයක් පසුගිය සතිවල දියත් කෙරුණත්, ඊට ගොදුරුවූවන් තවත් දස දහසක් පමණ වාර්තා වනු ඇතැයි ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක වෛද්‍ය ක්‍රිස් ඩයි (Dr Chris Dye) ප්‍රකාශයක් කරමින්, ඉබෝලා වසංගතය දරුණු තත්වයක් පවතින ගිනි, සියරා ලියෝන් සහ ලයිබීරියාව යන රටවල රෝගීන් සඳහා අවශ්‍ය රෝහල්වල ඇඳ පහසුකම් පවතින්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් හතරෙන් එකකට පමණක් බව කියා සිටියේය.

මේ අතර දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසන්නේ, වසංගතය පැතිර යාම පටන් ගෙන මාස කීපයක් ගත වී ඇතත්, සහන සේවා කණ්ඩායම් ප්‍රමාණවත් මට්ටමින් යෙදවීමට පියවර නොගැනීම ප්‍රශ්නයක් බවයි.

Image copyright

ගිනි ජනාධිපති ඇල්ෆා කොන්ඩේ (Alpha Conde) අදහස් දක්වමින්, ලෝකය කඩිනමින් පියවර ගනු ලැබ ඇතත්, වසංගතය පැතිර යාමේ ඉඩ කඩක් පැවති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර