ඇමරිකානු රෝහල් සේවකයකුට ඉබෝලා වැළඳෙයි

Image copyright AP

ඉබෝලා රෝගය වැළඳුණු ලයිබීරියානු ජාතිකයෙකුට උවටැන් කළ ඇමරිකානු හෙද සේවකයකුට එම වෛරසය වැළඳී ඇති බව පරීක්ෂණයකින් සොයා ගෙන තිබේ.

ඉහත කී සෞඛ්‍ය සේවකයා වැඩි දුර පරික්ෂාවන්ට යොමු කර ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

වෛරසය ශරීර ගත වී ඇති සෞඛ්‍ය සේවකයා ආරක්‍ෂිත ඇදුම් භාවිත කරමින් නියමිත නිර්දේශ පිළිපැද ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් කියා සිටියේ.

සෞඛ්‍ය සේවකයා වාසය කළ තට්ටු නිවාසය නිරෝධායනයට ලක් කර තිබේ.

මේ අතර ඉබෝලා රෝගය වැළඳුණු තෝමස් ඩන්කන් නමැති ලයිබීරියානු ජාතිකයා බදාදා මිය ගියේය.

ඇමරිකාවෙන් සොයා ගත් පළමු ඉබෝලා රෝගියා මිය ගිය තෝමස් ඩන්කන්.

මේ වන විට ඉබෝලා වෛරසය වැළදීමෙන් බටහිර අප්‍රිකාවේ හාරදහසකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් මියගොස් තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර