ඉබෝලා මරණ හාරදහස් පන්සීයයි

Image copyright EPA

රටවල් පහළොවක ඉබෝලා වසංගතය පැතිරීම වැලක්වීමට සිය අවධානය යොමු කොට තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරියක් වන ඉසබෙල් නටෙල් එම තීරණයට හේතු පැහැදිළි කරමින් කියා සිටියේ අවධානය යොමු කිරීමට තෝරා ගත් රටවල් පහළොව දැනට දරුණු ලෙස වසංගතය පැතිරී ඇති රටවල් වල දේශ සීමා වල පිහිටා ඇති අතර වසංගතය පැතිරුණු රටවල් සහ එම රටවල් අතර දැඩි සංචාරක ප්‍රවාහයක් පවතින බවයි.

මේ සතිය ඇතුළත ඉබෝලා රෝගීන් නම දහසක් පමණ වාර්තා වී ඇති අතර ඊට අමතරව හාරදාස් පන්සීයක් මිය ගිය බවයි තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

Image copyright AFP

වසංගතය ඉතා දරුණු ලෙස සෞඛ්‍ය සේවකයින්ට බලපාමින් තිබෙන අතර සෑම සති හතරකදීම වසංගතයට ගොදුරු වන්නන් දෙගුණ වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සැකසුම් පෙන්වා දෙන්නේ.

මේ අතර ඉබෝලා වසංගතය පැතිරුණු රටවල් වල සිට පැමිණෙන රෝගීන් ගුවන් තොටුපල වලදී යොමු කෙරෙන පරීක්ෂණ වල ප්‍රතිඵල කඩිනමින් විභාග කළ යුතු බවට යුරෝපා හවුලේ සෞඛ්‍ය අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර