ඝන දුමාරය මැද ධාවකයෝ ඉදිරියට

Image copyright AP

චීනයේ බීජිං අගනුවර අහස පුරා පැතිර තිබෙන ඝන දුමාරය නොසලකා හරිමින් බීජිං ජාත්‍යන්තර මැරතන් ධාවන තරගය තිස්හතර වන වරටත් පැවැත්විණි.

පරිසර දූෂණය හේතුවෙන් ඇති වී තිබෙන ඝන දුමාරය හේතුවෙන් ඇතැම් ධාවකයෝ මුහුණු ආවරණ පැළඳ සිටියහ.

Image copyright AP
Image copyright AFP

ඝන දුමාරය අනතුරුදායක විය හැකි බව එක් උපදේශන මධ්‍යස්ථානයක් විසින් හැදින්වීමත් සමග සෙසු ධාවකයන් තරගයෙන් ඉවත් වූ බව වාර්තා විය.

කාන්තා සහ පිරිමි ධාවන තරග දෙකේම ජය ඉතියෝපියානු මළල ක්‍රීඩකයෝ හිමි කර ගත්හ.

නගරය අවට වාතය ගල් අඟුරු පිලිස්සීමේදී නිකුත් වන ගඳට සමාන බව එක් නගර වැසියෙක් බීබීසීයට කියා සිටියේය.

චීනයේ ඇතැම් ප්‍රදේශ තුළ සිදු වී ඇති පරිසර දූෂණය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.