ඉන්දීය අගමැති ලොව ඉහලම යුද පිටියේ

Image copyright AP
Image caption හමුදා සෙබළුන් සමග දීවාලි උත්සවය සැමරීමටයි අගමැතිවරයාට අවශ්‍ය වී ඇත්තේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීරයේ සියාචෙන් හිම කඳු ප්‍රදේශයේ කඳවුරු ලා සිටින යුද සෙබළුන් මුණගැසීම සඳහා කෙටි චාරිකාවක යෙදුනු බව වාර්තාවෙයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ආරවුලකට හේතු වී ඇති මෙම හිම කඳු ප්‍රදේශය ලෝකයේ උසින්ම පිහිටා ඇති යුද පිටිය ලෙසටයි සැලකෙන්නේ.

තුන් සියයකට වැඩි පිරිසකට මරු කැඳවමින් සහ මිලියනයකට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි කරමින් පසුගිය මස ගංවතුර ඇතිවූ ප්‍රදේශය වන ශ්‍රී නගර් ප්‍රදේශයේද අගමැතිවරයා සංචාරය කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මෙවර දීවාලි උත්සවය සොල්දාදුවන් සහ කාශ්මීරයේ ගංවතුරින් විපතට පත් පිරිස සමග එක්වී සැමරීමට තමන්ට අවශ්‍ය බවයි සංචාරය ඇරඹීමට පෙර අගමැති මෝදී පවසා තිබුනේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර