විදේශ හමුදා සංකීර්ණයක පාලනය ඇෆ්ගනිස්තානයට පවරයි

Image copyright MOD

දකුණු දිග ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සංකීර්ණයක පාලනය ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ වෙත පවරා තිබේ.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වූ තාලිබාන් සංවිධානය පෙරලා දැමීමට විදේශ හමුදා මැදිහත් වූ අතර ඉන් වසර දහතුනකට පසුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම ක්‍රියාමාර්ගය එරටේ රැඳී සිටින නේටෝ හමුදා අවම කිරීමට ගත් ප්‍රධාන පියවරක්.

කඳවුරේ පැවති උත්සවය අතරතුර බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ නේටෝ සංවිධානයට අයත් ජාතික ධජ අඩකුඹු කර තිබූ අතර ඇෆ්ගනිස්තාන ජාතික ධජය ඉහළ ඔසවා තිබෙනු දක්නට හැකි විය.

ඇෆ්ගනිස්තානයේදී බ්‍රිතාන්‍ය හමුදා සෙබළු හාරසීය පනස්තුන් දෙනෙකු මරුමුවට පත් වූහ.

මේ වසරේ පමණක් ඇෆ්ගනිස්තාන හමුදා සෙබළ මරණ හාරදහසක් සිදු වී ඇති බව එරට සිටින වාර්තාකරුවෝ පවසති.