ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය අගමැති වෙතට 'යෝග්‍යතා උන්මන්තකයෙක්'

උතුරු එංගලන්තයේ ලීඩ්ස් නගරයේ සංචාරයක නිරත වෙමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත පුද්ගලයකු දිව ඒමත් සමග වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීහු අගමැතිවරයා නිල රථය තුලට ඇතුල් කළහ.

උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව සිය මෝටර් රථය වෙත ගමන් ගනිමින් සිටින අවස්ථාවේ ඉහත කී පුද්ගලයා අගමැතිවරයා දෙසට දිව එන ආකාරය සිදුවීම අඩංගු වීඩියෝවේ දැක්වෙයි.

ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා ගැනීමට පෙර එම පුද්ගලයා අගමැතිවරයා ආසන්නයට පැමිණ තිබේ.

අත්අඩංගුවට පත් විසිඅට හැවිරිදි පුද්ගලයා පසුව නිදහස් කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ව්‍යායාමයක් වශයෙන් දුවමින් සිට ඇති පුද්ගලයා ‘ෆේස්බුක්’ සමාජ ජාලයේ සිටින ඩීන් බැල්බෝවා නැමැත්තෙක් බව පසුව අනාවරණය වී තිබේ.

බීබීසීය වෙත අදහස් දැක්වූ ඉහත කී පුද්ගලයාගේ පවුලේ සාමාජිකයෙක් ‘ශරීර යෝග්‍යතාව සම්බන්ධයෙන් උමතුවකින් පසු වන්නෙක්’ ලෙස ඩීන් බැල්බෝවා හදුන්වයි.