ඕස්ට්‍රේලියාවේ යුද විරු සැමරුම්

Image copyright Getty
Image caption ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට අයත් හමුදා සෙබළුන්ය Anzac යනුවෙන් හැඳින්වෙන්නේ

පළමු ලෝක යුද්ධයේ සටන් බිම් වලට මුල්ම හමුදා කණ්ඩායම පිටත්ව ගොස් සිය වසක් ගත වීම සැමරීම පිණිස බටහිර ඕස්ට්‍රේලියාවේ දී සමරු උළෙලක් පැවැත්විණි.

දැන් තුර්කිය නමින් හැඳින්වෙන ගල්ලිපොලි හිදී පරාජය ට පත් අන්සැක් (Anzac) නමින් හැඳින්වෙන (Australian and New Zealand Army Corps) කණ්ඩායම් වලට අයත් හමුදා සාමාජිකයන් ය මෙසේ වීරත්වයෙන් සමරණ ලද්දේ.

සොද්දාදුවන් සහ විශ්‍රාමික යුද විරුවන් ගේ පෙළපාලි නැරඹීමට දහස් ගණනක් ජනතාව අල්බැනි නගරයේ පෙළ ගැසී සිටි බවයි පැවසෙන්නේ.

අල්බැනි නගරයේ නගරාධිපතිවරයා බී බී සී යට ප්‍රකාශ කළේ තම රට ඔවුන් කළ කැප කිරීම ස්මරණය කරන බවයි.

“හැම අවුරුද්දකම අප්‍රියෙල් 25 වැනිදා පැවැත්වෙන ඇන්සක් දිනය Anzac Day විශාල උත්සවයක්. ඒ දිනයට අපේ විරුවන් කළ කැපකිරීම දරුවන්ගේ හදවත් තුළ සටහන් වෙනව. අපි එදාට ඔවුන්ට අපේ ගෞරවය පුදකරනව. එත් ඇන්සක් Anzac කතාව පටන්ගත්තේ ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගියාට පස්සෙ. මේ වරායෙන් තමයි යුද්ධය සඳහා ඔවුන් පිටත් වුණේ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් අවුරුදු 17තේ දහ අටේ අය. ඒ අය අතරින් හතරෙන් තුන් පංගුවක් අය ආපසු ආවේ නැහැ” යනුවෙන් ඔහු පැවසීය..

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර