විදුලි පරිපථ දෝෂයකින් බංගලාදේශය අඳුරේ

Image copyright b

ඉන්දියාවේ විදුලි බල ජාලය හා සම්බන්ධ කෙරෙන විදුලි පරිපථ ජාලයේ දෝෂයක් හේතුවෙන් සමස්ත බංග්ලාදේශය පුරා විදුලිය විසන්ධි වීමක් සිදුවී තිබේ.

එසේවුවද ඇතැම් විදුලි බල මධ්‍යස්ථාන පැය කිහිපයක් ඇතුළත විදුලි බලය නැවත ලබා දීමට කටයුතු කළ බවයි පැවසෙන්නේ.

එහෙත් නිලධාරීන් පවසන්නේ රට පුරා විදුලි බල සැපයුම යථා තත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි කිව නො හැකි බවයි.

අගමැති කාර්යාලයට, පාර්ලිමේන්තුවට සහ රජයේ ගොඩනැගිලි වලට මෙම විදුලි විසන්දි වීම බලපා ඇති අතර ප්‍රධාන ගුවන් තොටුපළ සේවා වන් විදුලි ජෙනරේටර ආධාරයෙන් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවට ආසන්නයේ ඇති උප විදුලි මධ්‍යස්ථානයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වීම සිදුවූ බවයි බංග්ලාදේශ ජාතික විදුලි පද්ධතියේ ප්‍රධානී චෞද්රි අලම්ගිර් හුසෛන් මාධ්‍යයට පවසා තිබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර