ඉස්ලාමීය නායකයකුගේ මරණ දඬුවම ස්ථීර වේ

Image copyright BENGALFIX
Image caption ජමාත් ඉ-ඉස්ලාමි පක්ෂයේ සාමාජික මොහොමඩ් කමරුස්සාමන්

එක්දහස් නවසීය හැත්තෑ එක වසරේ නිදහස වෙනුවෙන් පැවති යුද්ධයේදී අපරාධ කළ ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය නායකයෙකුට නියම කරන ලද මරණ දඬුවම බංගලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලබයි.

සමූලඝාතන සහ වද දීම් කළ බවට ජමාත් ඉ-ඉස්ලාමි පක්ෂයේ සාමාජික මොහොමඩ් කමරුස්සාමන් වරදකරු විය.

Image copyright AFP
Image caption මාධ්‍ය ආයතන රැසකට හිමිකම් කියන ව්‍යාපාරිකයකු වන මීර් අලීට ඉරිදා මරණ දණ්ඩනය නියම විය
Image caption මරණ දණ්ඩනයට නියම වූ ජමාත් ඉ-ඉස්ලාමි පක්ෂයේ නායක මතියුර් රහ්මන් නිෂාමි

දෙදහස් දහතුන වසරේදී යුද අපරාධ සම්බන්ධයෙන් වූ විශේෂ විනිශ්චය සභාවක් විසින් එම පරීක්ෂණ මෙහෙයවනු ලැබීය.

පසුගිය සතියේදී එම විනිශ්චය සභාව මගින් ජමාත් ඉ-ඉස්ලාමි පක්ෂයේ නායක මතියුර් රහ්මන් නිෂාමිටද මරණ දණ්ඩනය නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර