මරා දැමුණු බුරුම මාධ්‍ය වේදියාගේ සිරුර ගොඩ ගැනේ

Image caption අවුන් සාන් සුකී සමග ඡයාරූපයකට පෙනී සිටි මරා දැමුණු මාධ්‍යවේදී අවුන් නන්

යුද හමුදා රැඳවුම් භාරයේ සිටියදී මියගිය බුරුම මාධ්‍යවේදියෙකු ගේ වළ දැමූ මළ සිරුර පරීක්ෂණයක් සඳහා නැවත ගොඩ ගෙන තිබේ.

මසකට පමණ පෙර මාධ්‍යවේදී අවුන් නන් මරා දමන ලද්දේ තායිලන්ත දේශ සීමාව අසල දීය.

අවුන් නන් සුළු ජාතික කැරලිකාර හමුදාවකට අයත් වුවෙක් බව පැවසූ බුරුම හමුදාව විසින් ඔහුව අල්ලා ගැනීමෙන් පසු වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පැන යාමට තැත් කළ නිසා බවයි පැවසෙන්නේ.

එහෙත් අවුන් නන් නිදහස් මාධ්‍යවේදියෙකු වූ බව පවසන ඔහුගේ පවුලේ අය විශ්වාස කරන්නේ මරා දැමීමට පෙර ඔහුට වදහිංසා පමුණුවා ඇති බවයි.

මෙම සිදුවීම ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කැපවී සිටින්නේ යැයි පවසන හමුදාවේ ක්‍රියා කලාපය සැකයට භාජනය කරන බවයි බුරුමයේ බී බී සී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර