පකිස්තාන කිතුනු යුවළකට පහර දී මරා දැමේ

Image copyright Getty
Image caption ඝාතනය සිදු කොට ඇත්තේ ශුද්ධ වූ කුරානයේ පිටපතක් කෙළසූ බවට චෝදනා කරමින්

අඟහරුවාදා ලාහෝරය අසල කුඩා නගරයක දී ක්‍රිස්තු භක්තික යුවළක් ඝාතනය කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ හතළිහකට වැඩි පිරිසක් පකිස්තාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ගණනක් වූ ප්‍රදේශවාසීන් විසින් එම ක්‍රිස්තු භක්තික යුවළ පහර දී මරා දමනු ලැබ ඇත්තේ ශුද්ධ වූ කුරානයේ පිටපතක් කෙළසූ බවට චෝදනා කරමින්.

මරා දැමීමෙන් පසු එම මළ සිරුරු ඔවුන් දෙදෙනා කම්කරුවන් ලෙස සේවය කළ ගඩොල් පෝරණුව තුළට දමා පුළුස්සා තිබේ.

මේ ඝාතන හේතුවෙන් කෝපයට පත් දෙසීයක් පමණ පිරිසක් විරෝධතාවක් පැවැත් වූ බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර