චීන රාජ්‍ය දූතයන්ට ඇත් දළ ජාවාරම් චෝදනා

Image copyright AP

චීන ජනාධිපති සි ජින්පින් ටැන්සානියාවේ සංචාරය කළ අවස්ථාවේ ඔහු සමඟ ගමන් ගත් බලධාරීන් විසින් ඇත් දළ විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය භාවිතා කොට ජාවාරම් කරනු ලැබ ඇති බව බවට චෝදනා එල්ල වෙයි.

චීන ගැනුම් කරුවන් විසින් මිලට ගෙන ඇති එම ඇත් දළ තොගය පසුගිය වසරේදී සිදු වූ චීන ජනාධිපතිගේ ටැන්සානියා සංචාරයට සති කිහිපයකට පෙර තානාපති කාර්යාල වලට යැවීමට අසුරා තිබූ බඩු තොග අතර සඟවා තිබූ බවයි පැවසෙන්නේ.

ඇත් දළ තොගය එසේ සඟවා ඇත්තේ පරීක්ෂා කිරීම් වලින් වැළකී පහසුවෙන් රටින් පිටතට ගෙන යාම සඳහා බවයි ලන්ඩන් නුවර පිහිටි පාරිසරික විමර්ශන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂිකා මේරි රයිස් කියා සිටියේ මෙම ජාවාරමට චීන ජනාධිපතිවරයා සම්බන්ධ බවට කිසිදු සාක්‍ෂියක් නොමැති අතර එවැනි අදහසක් දීම තම අරමුණ නොවන බවයි.

නමුත් මෙවැනි ජාවාරම් වලට රාජ්‍යතාන්ත්‍රික ගමන් මලු යොදා ගත් අවස්ථා ඉතිහාසයේ පවතින බව ඇය සඳහන් කළාය.

ඉහත කී චෝදනා පදනම් විරහිත බව පවසමින් චීන විදේශ අමාත්‍යංශය ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර