ගොර්බචෝෆ්ගෙන් අනතුරු ඇඟවීමක්

Image copyright Getty
Image caption 'රුසියාවට ගැලපෙන නායකයා පූතින්' - ගොර්බචෝෆ්

සෝවියට් සංගමයේ අවසන් පාලක මිහායිල් ගොර්බචෝෆ්, ලෝකය තුන් වෙනි ලෝක මහා සංග්‍රාමයක අද්දරට පැමිණ ඇති බවට අනතුරු ඇඟවීමක් කරයි.

ඔහු එම අනතුරු ඇඟවීම කළේ බර්ලින් තාප්පය බිඳ වැටීමේ විසිපස් වෙනි සංවත්සරය නිමිත්තෙන් ජර්මනියේ ‘බ්‍රන්ඩන්බර්ග්’ දොරටුව අසල පැවැත්වුන සමරු උළෙලකට සහභාගී වෙමින්.

තවදුරටත් අදහස් දැක් වූ මිහායිල් ගොර්බචෝෆ් ,සෝවියට් කඳවුර බිඳ වැටීම සම්බන්ධයෙන් ඔද වැදීම ගැන විශේෂයෙන් ම ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයට දෝෂාරෝපණය කළේය.

Image copyright AFP
Image caption බර්ලින් තාප්පය බිඳ හෙලීම

රුසියාවේ අභිලාෂයන් පිළිබඳ ව ඉහත කී සමරු උළෙලේ දී අදහස් පළ කළ ගොර්බචෝෆ් එම අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා බිහි වූ හොඳම නායකයා හැටියට ජනාධිපති ව්ලදිමීර් පූතින් හඳුන්වා දුන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාව ගොදුරක් කර ගැනීම සඳහා යුක්රේන් අර්බුදය හේතුවක් කර ගනිමින් ඇති බවත් ඔහු කියා සිටියි.

කලින් බල පැවැත්වුන බර්ලින් දේශ සීමාව ඔස්සේ හෙට ඉරිදා රාත්‍රියේ කිලෝ මීටර් පහළොවක දුර ප්‍රමාණයක පෙළ ගැසී දැල්වෙන බැලූන් පා කර හරිමින් බර්ලින් පවුර බිඳ වැටීමේ විසිපස් වෙනි සංවත්සරය සැමරීම සඳහා ජර්මනිය සූදානම් වෙමින් ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර