හෛයන් කුණාටුවේ මළවුන් සැමරේ

Image copyright Getty
Image caption අවතැන් වූවන් වැඩි පිරිසක් තවමත් ජීවත් වන්නේ තාවකාලික රැඳවුම් කඳවුරු වලයි

පුද්ගලයන් හත් දහසකට වැඩි පිරිසකට මරු කැඳවමින් හා රටේ මධ්‍යම ප්‍රදේශය ඉතා දරුණු ලෙස විනාශයට පත් කරමින් හමා ගිය “හෛයන්” කුණාටුව මගින් පිලිපීනයේ ඇතිවූ මහා ව්‍යසනය සිදුවී වසරක් ගතවීම සිහිපත් කෙරිණි.

තක්ලොබාන් නගරයට රැස්වූ දහස් ගණනක් පිරිස අනුස්මරණ පා ගමනක් පැවැත්වූ අතර කුණාටුව සිදුවූ වේලාවට සයිරන් හඬ පැතිර ගිය අතර දේවස්ථාන තුළ සීනු නාදය පැවැත්විණි.

මේ අතර රජයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති අකිනෝ ගේ රුවට සමාන පඹයකු පුළුස්සමින් පැවසුවේ රජය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු පමා කොට ඇති බවයි.

එහෙත් ජනාධිපතිවරයා විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

තක්ලොබාන් හි සිටින බී බී සී වාර්තා කරුවකු පැවසූ ආකාරයට මෙම අනුස්මරණ උළෙලට සහභාගී නොවීමට ජනාධිපති අකිනෝ තීරණය කර ඇති බවයි පෙනීයන්නේ.

මෙම කුණාටුව හේතුවෙන් මිලියන හතරකට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි වූ අතර එයින් වැඩි පිරිසක් තවමත් ජීවත් වන්නේ තාවකාලික රැඳවුම් කඳවුරු වලයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර