බර්ලින් තාප්පය බිඳ වැටී වසර විසි පහයි

Image copyright Getty
Image caption බර්ලින් තාප්පය බිඳ දැමීමේ සංවත්සරය සැමරීමට සුදු පැහැති බැලුනයන් රැගෙන පැමිණෙන පිරිස්

ජර්මනිය බෙදා වෙන් කර තිබූ ඓතිහාසික බර්ලින් තාප්පය බිඳ දැමීමේ විසි පස් වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

එවකට නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය තුළට මිනිසුන් පලා යාම වැළැක්වීම සඳහා බර්ලින් තාප්පය ඉදි කරන ලද්දේ වසර 1961 දීයි.

සීතල යුද්ධය

දෙපාර්ශවය අතර තිබූ සීතල යුද්ධය නිමා කිරීම සංකේතවත් කරමින් වසර 1989 දී බර්ලින් තාප්පය බිඳ හෙළනු ලැබිණි.

Image copyright b
Image caption කිලෝ මීටර තුනක පමණ කොටසක් ඉතිරි කර තිබේ

අනාගත පරපුරට

අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා කිලෝ මීටර 155 ක් (සැතපුම් 96 ක්) දුරට තනා තිබූ මෙම ඓතිහාසික තාප්පයෙන් කිලෝ මීටර තුනක පමණ කොටසක් ඉතිරි කර තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත් වීමෙන් පසු නැගෙනහිර සහ බටහිර වශයෙන් දෙකඩ වුනු ජර්මනිය, බර්ලින් තාප්පය බිඳ වැටී වසරක් ඇතුළත එක්සත් විය.

Image copyright AP
Image caption සැමරුමට පැමිණි ජර්මනියේ නායිකාව ඇන්ගෙලා මාකෙල්
Image copyright BBC World Service
Image caption බර්ලින් තාප්පය බිඳ වැටී වසරක් ඇතුළත ජර්මනිය එක්සත් විය