චීන ජපන් නායකයෝ නිහඬතාව බිඳිති

Image copyright GETTY IMAGES
Image caption ජපන් අගමැති ශින්සෝ අබේ සහ චීන ජනාධිපති ශී ජින්පින්ග්

චීන ජනාධිපති ශී ජින්පින්ග් සහ ජපන් අගමැති ශින්සෝ අබේ බලයට පත් වීමෙන් අනතුරුව ප්‍රථම වරට දෙදෙනා අතර සාකච්ඡා ආරම්භ විය.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ බීජිං නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව යි.

දූපත් කිහිපයක අයිතිය අරඹයා වසර දෙකක් තිස්සේ උත්සන්න වෙමින් පවතින කලාපීය මතභේද පිළිබඳව දෙරටේ නායකයන් මෙහිදී කතා බහ කිරීමට නියමිතයි.

Image copyright AP
Image caption චීනය පවසන්නේ මෙම දූපත් පුරාණයේ පටන් චීනයට අයිතිව තිබූ බව

මූලෝපායී වශයෙන් වැදගත් වන ප්‍රධාන දූපත් දෙකක් මේ වන විට පවතින්නේ ජපන් ආණ්ඩුවේ පාලනය යටතේය.

නමුත් චීනය පවසන්නේ මෙම දූපත් පුරාණයේ පටන් චීනයට අයිතිව තිබූ බව.

මීට අමතරව තායිවානය ද මෙම දූපත්වලට අයිතිවාසිකම් කියයි.

කෙසේ වෙතත් ලෝකයේ දෙවැනි සහ තුන් වැනි විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙක අතර පැවැත්වෙන මෙම සාකච්ඡා ඉතා වැදගත් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර