'හමුදා ප්‍රතිපත්ති වලට එරෙහිව' ගිනි තබා ගනී

Image copyright AFP

ජපාන ජාතිකයකු සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් අනතුරුව මරණයට පත් වී ඇති අතර එරට හමුදා ප්‍රතිපත්ති සංශෝදනයන්ට විරෝධය පළ කිරීමක් වශයෙන් එය සැලකෙන බව මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජුලි මාසයේදී රාජ්‍ය ආරක්ෂක ප්‍රතිපත්තිවල සිදු කළ සංශෝධනයන්ට නීති සම්පාදකයෝ අනුමැතිය පළ කළහ.

ඒ සමග ජපාන හමුදා වලට විදෙස් රටකදී සටන් කිරීමට හැකියාව ලැබුණි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති කර ගත් ජපාන ව්‍යවස්ථාවට අනුව සිය රටේ ආරක්ෂාව පිණිස සටන් කිරීම හැර වෙනත් ගැටුමකදී තම හමුදා යොදා ගැනීම වළක්වා තිබේ.

හමුදා ප්‍රතිපත්තිවල සිදු කළ වෙනස්කම් වලට විරෝධය ප්‍රකාශ කර පසු ගිය ජුනි මාසයේදී තවත් පුද්ගලයෙක් සිය සිරුරට ගිනි තබා ගත් අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ ජීවිතය ආරක්ෂා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර