කාශ්මීරයේ ඉන්දීය සෙබළුන්ට දඬුවම්

Image copyright Riyaz Masroor
Image caption ඝාතනයට ලක් වූ තරුණයන්ගේ ඥාතීන්

කාශ්මීරයේ තරුණයන් තිදෙනෙකුව කුමන්ත්‍රණය කොට ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කෙරිණ.

දඬුවම නියම කොට ඇත්තේ ඉන්දියානු යුද හමුදාව විසිනි.

වසර හතරකට ඉහත දී නිවෙස් වලට පැමිණ රැකියා සහ මුදල් ලබා දෙන බව පවසමින් හමුදා සොල්දාදුවන් විසින් කැඳවා ගෙන ගොස් ඇති එම තරුණයන් තිදෙනා පසුව පකිස්තාන් දේශ සීමාව ආසන්නයේ වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබේ.

ඝාතනය කෙරුණ තරුණයන් තිදෙනා පකිස්තාන් කැරලිකරුවන් ලෙස හඳුන්වා දෙමින් එම ඝාතන අපරාධය සැඟවීමට උත්සාහ කරනු ලැබූ බවයි පැවසෙන්නේ.

එම ඝාතන කාශ්මීර නිම්නයේ සති කිහිපයක් පුරා පැතිර ගිය ලේ වැගිරීම් සහ විරෝධතා ව්‍යාපාර වලට හේතු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර