වඳ සැත්කම් ඖෂධ නිෂ්පාදකයන් අත්අඩංගුවේ

කාන්තා වඳ සැත්කම් සායනයක දී කාන්තා මරණ පහළොවක් වාර්තා වීමෙන් අනතුරුව ඉන්දියානු පොලිසිය විසින් මධ්‍යම ඉන්දියාවේ ‘චටිස්ගාර්’ ප්‍රාන්තයේ ඖෂධ සමාගමක හිමිකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මධ්‍යම ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහත කී කාන්තා මරණ ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද සාකච්ඡාවට ලක් විය.

එම වඳ සැත්කම් සායනයේ දී සැත්කම් වලට ලක් කෙරුණ දිවි බේරුණ සෙසු කාන්තාවන් වමනය සහ රුධිර පීඩනය විශාල මට්ටමකින් පහත වැටීමේ පීඩාවන්ට ලක් වූයෙන් රෝහල්ගත කරනු ලැබුණි.

එකී වඳ සැත්කම් සිදු කළ වෛද්‍ය ආර්. කේ. ගුප්ත මේ වන විට අත්අඩංගුවේ පසු වෙන අතර වෛද්‍යවරයා කියා සිටින්නේ භාවිතා කළ නුසුදුසු ඖෂධ වල වැරැද්දක් හේතුවෙන් කාන්තා මරණ සිදු වීමට ඉඩකඩ ඇති බවයි.

දිනකට තුන්සීයක්

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම සිද්ධියට පෙර තමා දිනකට වඳ සැත්කම් තුන්සීයක් පමණ මෙහෙය වූ බවයි.

Image copyright ALOK PUTUL

නමුත් ඉන්දීය රජයේ රෙගුලාසි වලට අනුකූලව දිනකට සායනයක දී මෙහෙය විය හැකි උපරිම වඳ සැත්කම් ගණන තිස් පහක් පමණි.

මධ්‍යම ඉන්දියාව තුළ මෙම වන්ධ්‍යකරණ වැඩ පිළිවෙල සිදු කෙරෙන්නේ ඉන්දීය ආණ්ඩුවේ සැලැස්මක් අනුව වන අතර, එහි අරමුණ වේගයෙන් ඉහළ යමින් පවතින නාගරික ජනගහන වර්ධන වේගය පාලනය කිරීමයි.

ඉන්දියාවේ එක් වෛද්‍යවරයෙක් පසු ගිය වසරේ වඳ සැත්කම් පනස් දහසක් සිදු කර ඇති අතර ඒ සඳහා ඔහුට ආණ්ඩුවෙන් සම්මානයක් ප්‍රදානය කෙරුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර