හොංකොං සිසු නායකයන්ට ගුවනින් යාමේ තහනමක්

Image copyright AP
Image caption මැතිවරණයට තරඟ කිරීමට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවකට ඉඩ දෙන ලෙස බේයිජිං පාලනයට බල කරමින් විරෝධතාවන් පැවැත්විණි

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හොංකොං හි පැවැති විරෝධතාවන් වලට නායකකත්වය දුන් සිසු නායකයන් තිදෙනෙකුට චීන නායකයන් මුණගැසීම සඳහා චීනයට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සිසු නායකයන් තිදෙනාට හොංකොං ගුවන් තොටුපළෙන් ගුවන් යානයට නැගීමට ඉඩ දී නැත්තේ ඔවුන් ගේ ආපසු ආපසු පැමිණීමේ අවසර පත්‍රය වලංගු නොවන නිසා බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

2017 දී පැවැත්වීමට නියමිත හොංකොං හි නායකත්වය සඳහා වූ මැතිවරණයට තරඟ කිරීමට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවකට ඉඩ දෙන ලෙස බේයිජිං පාලනයට බල කරමිනුයි පසුගිය සැප්තැම්බර් මස අග භාගයේ සිට විරෝධතාකරුවන් වීදි පුරා කඳවුරු ලා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර