ෆිලයි උප යානය තාවකාලික නින්දක

Image copyright AFP
Image caption ප්‍රථම වරට වල්ගා තරුවක් මතට යැවුණු ෆිලයි අභ්‍යවකාශ උප යානය

පළමු වතාවට වල්ගතරුවක් මත තොරතුරු ලබාගැනීමේ උපකරණයක් ගොඩ බැස්සවූ යුරෝපීය අභ්‍යවකාශ ආයතනය එම උපකරණය ඉතා අසීරු තත්වයන් යටතේ වුවද ඉතා අනගිභවනීය ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පවසයි.

ෆිලියා ලෑන්ඩර් නම් වූ මෙම උපකරණය, සැලසුම් කළ වැඩසටහනේ 80% ක් සම්පුර්ණ කිරීමෙන් පසුවයි විදුලි කෝෂ වල බලය හීන වී ගියේ.

ඒ හේතුවෙන් සෙනසුරාදා එම උපකරණය හා පණිවුඩ හුවමාරු කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ගියේ සඥා වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ලබන වසරේ වල්ගා තරුව සුර්යයාට සමීප වන බැවින් උපකරණයේ ඇති සුර්ය කෝෂ ආධාරයෙන් විදුලි කෝෂ බල ගැන්වෙන බවටයි අපේක්ෂා කරන්නේ.

විදුලි කෝෂ වල බලය සිඳී යන්නට පෙර සිකුරාදා අවසාන භාගයේදී ද උපකරණය වෙතින් තවත් දත්ත රැසක් පෘතුවිය වෙත එවා තිබූ බවයි යුරෝපීය අභ්‍යවකාශ ආයතනය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර