ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Image copyright Reuters
Image caption අනතුරුදායක තත්වය පහව ගොස් ඇති බවයි භූගර්භ විද්‍යාඥයින් පවසන්නේ

නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇතිවූ භුමි කම්පාවක් හේතුවෙන් සුනාමි අවදානමක් පිළිබඳව ජනතාව දැනුවත් කෙරිණි.

රෙක්ට මාපකයේ අංශක 7.3 ක චලනයක් ලෙස වාර්තා වූ මෙම භුමි කම්පාව බලපා තිබුනේ මලුකු දුපත් වලටයි.

කලබලයට පත් වූ මිනිසුන් තම නිවෙස් වලින් පිටතට දිවගිය අතර වෙරළ ආසන්න ප්‍රදේශ වලින් සහ ගංගා ඉවුරු අසලින් ඉවත්වී සිටින ලෙසයි ඔවුනට අනතුරු ඇඟවීම් ලැබී ඇත්තේ.

මීටරයක් පමණ උස රැළි ඇතිවිය හැකි බවට හවායි හි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා තිබුණ ද තවදුරටත් අනතුරුදායක තත්වයක් නොමැති බවයි භූගර්භ විද්‍යාඥයින් පවසන්නේ.

උතුරු මලුකු පළාතේ මෙට්‍රෝ රුපවාහිනියේ සේවකයෙකු ප්‍රකාශ කළේ ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස කලබලයට පත්වූ බවයි.

“ඒ ප්‍රදේශයේ මිනිස්සු කලබල වෙලයි හිටියෙ. විශේෂයෙන්ම පාසැල් ඇතුලේ හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගොඩනැගිලි වලින් ඉවත්වෙන්න කියල තිබුන. මිනිස්සුත් තමන්ගේ ගෙවල් දොරවල් අතහැරල ගියා. මේ භුමි කම්පාව තත්පර තිහත් විනාඩියත් අතර කාලයක් පැවතුන” යනුවෙන් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර