මිනිස් අවයව ජාවාරමක් තායිලන්තයෙන් හෙළි වේ

Image copyright Reuters
Image caption මිනිස් අවයව තුළ තිබී සොයා ගත් පච්ච කොටන ලද සමක්

බිලිඳකුගේ හිසක් ඇතුළු මිනිස් අවයව එක්සත් ජනපදය වෙත රැගෙන යෑමට උත්සාහ කළ ඇමරිකානු ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස තායිලන්ත පොලිසිය වරෙන්තු නිකුත් කරයි.

එක්සත් ජනපදයේ පිහිටි ලිපිනයකට ඉහත කී මිනිස් අවයව තැපැල් කිරීමට නියමිතව තිබී ඇති බවයි තායිලන්ත පොලිසිය පවසන්නේ.

ඉහත කී පුද්ගලයන් දෙදෙනාගෙන් පසු ගිය සෙනසුරාදා ප්‍රශ්න කෙරුණු අතර නැව් ගබඩාවක ඇසුරුම් පෙට්ටියක් තුළ තිබී මිනිස් අවයව සොයා ගැනීමෙන් අනතුරුව පොලිසිය ඔවුන් නිදහස් කළේය.

ප්‍රශ්න කිරීමෙන් පසු ඇමරිකානුවන් දෙදෙනා තායිලන්තයේ සිට කාම්බෝජට ගොස් ඇති බව වාර්තා වේ.

හෘදය වස්තුවක්

කල් තබා ගත හැකි වන සේ ඖෂධ ගල්වනු ලැබූ මිනිස් පාදයක්, පච්ච කෙටූ මිනිස් සමක් සහ හෘදය වස්තුවක් ද අවයව ඇසුරුම් බහාලන තුළ තිබී සොයා ගෙන තිබේ.

සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ බැංකොක් අගනුවර රාත්‍රී වෙළඳපළකින් ඉහත කී අවයව මිලදී ගත් බවයි.

මේ අතර තායිලන්තයේ රෝහලක පිහිටි අධිකරණ වෛද්‍ය කෞතුකාගාරයකින් මිනිස් අවයව සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර