හින්දු පූජක වරයකුට අධිකරණයෙන් වරෙන්තුවක්

Image copyright Rampal
Image caption හින්දු ගුරු රම්පාල් මහාරාජ්

මතබේදයට ලක්වූ හින්දු පුජකවරයෙකු ගේ අනුගාමිකයන් සහ ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් අතර උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ හටගත් ගැටුම් වලින් පසු කාන්තාවන් හතර දෙනෙකුගේ සහ කුඩා දරුවකුගේ මළ සිරුරු පොලීසිය වෙත භාර දී තිබේ.

මිනීමැරුම් නඩු විභාගයකට අදාළව උසාවියට අපහාස කිරීම හේතුවෙන් අධිකරණයට අවශ්‍යව සිටි හින්දු පූජක රම්පාල් මහාරාජ් රැඳවුම් භාරයට ගැනීමටයි පොලීසිය උත්සහ කර ඇත්තේ.

ඔහුගේ අනුගාමිකයන් විසින් පොලීසිය ආශ්‍රමයට ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ ගෙන ඇති බවයි පැවසෙන්නේ.

අඟහරුවාදා ඇතිවූ ගැටුම් වලින් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර කාන්තාවන්ගේ සහ කුඩා දරුවාගේ මරණයට හේතුව කුමක් දැයි මේ දක්වා වාර්තා වී නැත.

අද බදාදා ඒ පිළිබඳව මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර