එක්සත් ජාතීන්ට උතුරු කොරියාවෙන් තර්ජනයක්

Image copyright EPA
Image caption උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්

උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන් ගන්නා උත්සාහයට ප්‍රතිචාර දක්වමින් තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කරන බවට උතුරු කොරියාව තර්ජනය කරයි.

උතුරු කොරියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙන යන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සිය ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

'උසි ගැන්වීම්'

Image copyright EPA
Image caption උතුරු කොරියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙන යාමට එක්සත් ජාතීන්ගේ උත්සාහයක්

උතුරු කොරියාවට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය උසි ගන්වනු ලබන බවට උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය චෝදනා කර සිටියේය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ උතුරු කොරියාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සිදු කරන නීත්‍යනුකූල විමසීමකට මෙවැනි තර්ජනයක් එල්ල කිරීම අවාසනාවන්ත තත්වයක් බවයි.

මීට පෙර ද උතුරු කොරියාව 2006 දී, 2009 දී සහ 2013 දී න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර