කෙන්යාවේ බස් මගීන් විසි අටක් මරා දැමෙයි

Image copyright AP
Image caption මුස්ලිම් නොවන පුද්ගලයන් මරා දැමුණු බවයි පැවසෙන්නේ

කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව අසළ දී සන්නද්ධ කල්ලියක් විසින් බස්රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් විසි අට දෙනෙකුට වෙඩි තබා මරා දමනු ලැබ තිබේ.

මෙම සමුහ ඝාතනය කරනු ලැබ ඇත්තේ අල් ශබාබ් සන්නද්ධ කල්ලිය විසින් බවටයි සැක කරන්නේ.

මගීන් හැට දෙනෙකු ගෙන් යුත් බස් රථය නයිරෝබි නුවර වෙත ගමන් කරමින් තිබිය දී මන්දෙරා ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඇත.

අනතුරුව මුස්ලිම් නොවන අය පිරිස අතරින් වෙන්කර ගෙන වෙඩි තබා මරා දමා ඇති බවයි පැවසෙන්නේ.

ඇතැම් වාර්තා පවසන්නේ කුරානයේ අඩංගු පාඨයන් ගායනය කිරීමට අසමත් වුවන් මරා දැමුණු බවයි.

2011 දී කෙන්යානු හමුදා සෝමාලියාවට යැවීමෙන් පසු සිදුවූ බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම් මාලාවක් පිළිබඳව චෝදනාව එල්ල වුයේ අල් ශබාබ් සන්නද්ධ කල්ලිය වෙතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර