සිරියාවේ සිට පැමිණි නෙදර්ලන්ත තරුණිය ගැන සැකයක්

Image caption සිරියාවේ සිටින තම දියණියට ගෙදර එන ලෙස ඇගේ මව රූපවාහිනියෙන් ඉල්ලීමක් කළේ මාස දෙකකට පෙරයි

සිරියාවේ සිට ආපසු කැඳවාගෙන ආ නෙදර්ලන්ත නව යොවුන් තරුණියකගේ මවට රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේය යන සැකය මත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කර තිබේ.

අයිචා (Aicha) නම් එම තරුණිය ඉස්ලාම් සටන්කරුවකු හා විවාහ වීම පිණිස සිරියාවට ගොස් සිටි බවටයි විශ්වාස කරන්නේ.

පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ ප්‍රකාශිකාව වන ඇනීමාරී කෙම්ප් නෙදර්ලන්ත ගුවන් විදුලියට පවසා තිබුණේ අයිචා ව හුදෙකලා කර තැබීමේ කාලය දීර්ඝ කරන ලෙස විනිසුරුවරයා ගෙන් ඉල්ලා සිටීමට ඔවුන් අදහස් කරන බවයි.

“සැකය තියෙන්නෙ ඇය ත්‍රස්තවාදී සංවිධානයකට බැඳුනා ද කියන එකයි. මේ ලැබී තියන තොරතුරු ඉතා භයානකයි. ඇයව හුදකලා කරල තියාගෙන ඉන්නෙ අපේ පරීක්ෂණ ඉතා හොඳින් සහ ගැඹුරින් කරගන්න අපට අවශ්‍ය නිසා. ඇය සිරියාවේ දීර්ඝ කාලයක් ඉඳල තියන නිසා මේ රටේ ආරක්ෂාවට ත් සමාජයේ ආරක්ෂාවටත් අපිට අවශ්‍යයි දැනගන්න ඇත්තටම එහෙ සිද්ධවුණේ මොකක්ද කියල” යනුවෙන් ඇනීමාරී පැවසුවාය.

බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ යුරෝපීය රටවල ඇතැම් තරුණ තරුණියන් සිරියාවේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන හා සබඳතා පවත්වන බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර