යුද අපරාධ: හිටපු නිලධාරියකුට මරණ දඬුවම

Image copyright AFP

බංගලාදේශ නිදහස් සටනේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා ලත් එරට ආණ්ඩු පක්ෂයේ හිටපු සාමාජිකයකුට මරණ දණ්ඩනය නියම වේ.

‘අවාමි ලීග්’ ආණ්ඩු පක්ෂයේ හිටපු සාමාජිකයාට ඉහත කී තීන්දුව ලබා දී ඇත්තේ බංගලාදේශයේ විශේෂ විනිශ්චය සභාවක් විසිනුයි.

මෙම විනිශ්චය මඩුල්ල විසින් මේ දක්වා පුද්ගලයන් දාහතර දෙනකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.

නමුත් බංගලාදේශ අග්‍රාමාත්‍යවරියගේ පක්ෂය සමග සම්බන්ධව කටයුතු කළ අයකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කළ පළමු අවස්ථාව මෙයයි.

එක්දහස් නවසීය හැත්තෑ එකේ සිදු වූ බංගලාදේශ නිදහස් සටනේදී මිනීමැරුම්, පැහැර ගැනීම්, වද බන්ධනයන්ට ලක් කිරීම් සහ වෙඩි තබා තිස් තුන් දෙනකු ඝාතනය කළ බවට හැටහතර වියැති මුබාරක් හොසේන්ට චෝදනා එල්ල විය.

පාකිස්තානයෙන් වෙන් වීමට එරෙහිව සටන් කළ විශාලතම ඉස්ලාමීය පක්ෂයේ නිලධාරියකු ලෙස මුබාරක් හොසේන් එවක කටයුතු කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර