බ්‍රිතාන්‍ය පොලිසියට නව බලතල

Image copyright PA
Image caption බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරිය තෙරේසා මේ

මේ වන විට බ්‍රිතාන්‍ය පෙරටත් වඩා දරුණු ත්‍රස්ත තර්ජනයකට මුහුණ පා සිටින බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරිය පවසයි.

නව ත්‍රස්ත විරෝධී පනතක් සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් තෙරේසා මේ අමාත්‍යවරිය ඒ බව කියා සිටියාය.

එම පනත හරහා පොලිසියට සහ ආරක්ෂක අංශවලට නව බලතල හමි වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

උපාය මාර්ගික වශයෙන් ශක්තිමත් ලෙස සකසා ඇති නව පනත හරහා සතුරු බලවේග වලට එරෙහිව නැගී සිටිය හැකි වනු ඇති බවටත් අමාත්‍යවරිය විශ්වාසය පළ කරයි.

සටන් කිරීම සඳහා බ්‍රිතාන්‍ය පුරවැසියන් විදෙස් ගත වීම පාලනය කිරීමත් නව පනතේ එක් අරමුණක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර