ඉන්දීය අගමැති බිරිඳ ආරක්ෂාව ගැන 'බයවෙලා'

Image copyright AFP

සිය ආරක්ෂාව පිළිබඳව බියපත්ව සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ පවසයි.

ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වෙත ලිපියක් යවන ඇය, සිය ආරක්ෂාව සඳහා යොදා තිබෙන විධිවිධාන පිළිබඳව තමන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කරයි.

යශෝධාබෙන් ඉතාමත් තරුණ වියේදී නරේන්ද්‍ර මෝදි සමඟ විවාහ වූ නමුත් නරේන්ද්‍ර මෝදි හින්දු ජාතිකවාදී දේශපාලනයට සම්බන්ධවීම හේතුවෙන් විවාහයෙන් වසර තුනකට පසුව ඔවුහු එකිනෙකාගෙන් වෙන්ව වාසය කරති.

වර්තමානයේ සිය සොහොයුරා සමඟ වාසය කරන යශෝධාබෙන් මෝදි, ආරක්ෂක භටයන් පස් දෙනකු නිරන්තරයෙන් තමා වට කොට සිටීම පිළිබඳව බියට පත්ව සිටින බව ප්‍රකාශ කරන්නීය.

ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවයි ඇය පවසන්නේ.