පාප් වහන්සේ යුරෝපා සංගමය විවේචනයට ලක් කරයි

Image copyright Reuters

ස්ට්රාස්බර්ග් නුවරදී යුරෝපා පාර්ලිමේන්තුව ඇමතූ ෆ්රැන්සිස් පාප් වහන්සේ, යුරෝපා සංගමයට අයත් ආයතන දැඩි විවේචනයට ලක් කළහ.

යුරෝපා සංගමය යනු තමන්ට ඉතා දුරස්ථ ආයතනයක් ලෙසින් බොහෝ දෙනා විශ්වාස කරන බව පැවසූ උන්වහන්සේ, එය අසංවේදී සහ ඇතැම්විට හානිකර නීති පනවන බවටද චෝදනා කළහ.

යුරෝපයට පලා ඒමට තැත් කරන සංක්‍රමණිකයන් මුහුණ දෙන තර්ජන පිළිබඳව අදහස් පළ කළ උන්වහන්සේ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලුවටත් එක්සත් ප්‍රතිචාරයක් පළ විය යුතු බව පැවසූහ.

“සමස්ත මධ්‍යධරණි කලාපය සුසාන භූමියක් බවට පත්වීමට ඉඩ දිය නොහැකියි. යුරෝපයේ වෙරළට දිනපතා ළඟා වන බෝට්ටුවල ඉන්නේ ආධාර උපකාර අවශ්‍ය කාන්තාවන් සහ පුරුෂයන්,” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කළහ.

ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කරන සමාජයේ ඇතැම් කොටස්ද පාප් වහන්සේගේ විවේචනයට ලක් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර