ස්ත්‍රී දූෂණ සිද්ධිය ගැන මතභේදාත්මක තීන්දුවක්

Image copyright AFP

පසුගිය මැයි මාසයේ දූෂණය කිරීමෙන් පසු ඝාතනය කොට ගසක එල්ලූ බවට විශ්වාස කළ ගැහැණු ළමුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කරන ඉන්දීය මධ්‍යම විමර්ශන දෙපාර්තමේන්තුව පවසන්නේ එය සියදිවි නසා ගැනීමක් බවයි.

පසු ගිය කාලයේ ඉන්දියාවේ කාන්තා අයිතීන් සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ඇති කිරීමට එම මරණ සමත් විය.

පෙර ඉදිරිපත් වූ වාර්තා සහ මරණ වාර්තාවට ද පරස්පර එම නව වාර්තාව ඉදිරිපත් කරන ඉන්දියාවේ මධ්‍යම විමර්ශන දෙපාර්තමේන්තුව එම ඝාතනය සිය දිවි නසා ගැනීමක් ලෙස විශ්වාස කරන බව කියා සිටින්නේ විශේෂඥ වාර්තා හතළිහක් පමණ සැලකීමට ගැනීමෙන් පසුවයි.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පීඩිත කුලයක ගැහැණු දරුවන් දෙදෙනාගේ එම මරණ ඉන්දියාව පුරා කාන්තා අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ඇති කිරීමට හේතු විය.

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නව වාර්තාව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබෙන අතර තව දුරටත් පරීක්ෂණ පවත්වන මෙන් මධ්‍යම පොලිස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බල කර සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර