ගැහැණු දරුවන් වැදූ මවක මරා දමයි

Image copyright PA

ගැබ් ගෙන සිටින සිය බිරිඳ මරා දැමූ බවට චෝදනා ලත් පුද්ගලයෙකු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

මෙම ගැබිනි කාන්තාව මරා දමා ඇත්තේ, ඇය කුස දරා සිටින්නේ ගැහැණු දරුවකු බව ස්වාමි පුරුෂයා දැන ගැනීමෙන් අනතුරුවයි.

අත මිට සරු ගොවියකු වූ මොහු සිය බිරිඳගේ ගෙලට පිහියකින් ඇන මරා දමා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මිය යන විට ගැහැණු දරුවන් පස් දෙනෙකුගේ මවක වූ මෙම කාන්තාව මෙවර ගැබ් ගෙන සිටියේ ඇයගේ හය වැනි ගැහැණු දරුවායි.

Image copyright Thinkstock

දරුවෙකු ඉපදීමට පෙර ස්ත්‍රී පුරුෂ භාවය හෙළි කෙරෙන වෛද්‍ය පරීක්ෂණ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තහනම් කර ඇති නමුත් නීතියට සැඟවී එවැනි පරීක්ෂණ තවමත් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි සිදුවීම් ඉන්දියාවේ සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇත්තේ බොහෝ ඉන්දියානුවන් පිරිමි දරුවන් ලබා ගැනීමට වැඩි කැමැත්තක් ඇති හෙයිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර