සතුන් දස දහස් ගණනක් බිලි දෙන පූජාවක් ඇරඹෙයි

Image copyright Reuters

නේපාලයේ හින්දු ආගමික උත්සවයක් වෙනුවෙන් එළුවන්, ගවයන් ඇතුළු සතුන් දස දහස් ගණනක් මරා දැමෙන සත්ව බිලි පූජාවක් ආරම්භ වී තිබේ.

ගඩීමායි නමින් හැඳින්වෙන හින්දු ආගමික උත්සවය වෙනුවෙන් මෙම බිලි පූජාව පැවැත්වෙන්නේ වසර පහකට වරක්.

සත්ව බිලි පුජාවන්ට එරෙහි ක්‍රියාධරයන් කියා සිටින්නේ මෙය ඉතා කුරිරු ක්‍රියාවක් බවයි.

ලේ විලක්

එහි ප්‍රතිඵලයක් වශයෙන් ලේ විලක් ඇති වන අතර එය ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යට අහිතකර බවද ක්‍රියාධරයෝ පවසති.

බිලි දෙන සතුන් ගේ ප්‍රමාණය අඩු කිරීම සඳහා මෙවර ඉන්දියාවෙන් සතුන් ප්‍රවාහනය කිරීම තහනම් කර තිබේ.

ප්‍රදේශය පුරා පොලිස් භටයන් විශාල සංඛ්‍යාවක් යොදවා ඇති අතර බිලි පූජාව ඡායාරූප ගත කිරීමට අවසර නොදෙන බව බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර