හොස්නි මුබාරක් ට එරෙහි අපරාධ චෝදනා ඉවතට

Image copyright AP
Image caption ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරන ලද්දේ මීට වසර දෙකකට ඉහතදීය

ඊජිප්තුවේ අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපතිවරයා වන හොස්නි මුබාරක් ට එරෙහිව තිබූ සියළු චෝදනා අත්හැර දමනු ලැබ තිබේ.

2011 ජනතා නැගිටීමේ දී සිය ගණනක් විරෝධතාකරුවන් මරාදැමීම පිළිබඳව අධිකරණ තීන්දුවක් මගින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරන ලද්දේ මීට වසර දෙකකට ඉහතදීය.

පසුගිය නඩු විභාගයේ දී සිදුවූ දෝෂයන් හේතුවෙන් කළ මෙම නැවත විභාගයේ දී හොස්නි මුබාරක් ගේ ප්‍රධාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙලෙස චෝදනා වලින් නිදහස් වී ඇති බවයි පැවසෙන්නේ.

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පුතුන් ට එරෙහිව තිබූ දුෂණ චෝදනා වලින් ද ඔවුන් නිදොස් කොට ඇති නමුත් තවමත් ජනාධිපතිවරයා නිදහස ලබා නැත.

අයුතු ලෙස අනුන් සතු දේපළ අත් පත් කර ගැනීමේ චෝදනාව මත තවත් මාස කිහිපයක් ඔහුට සිරදඬුවම් විඳීමට සිදුවන බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර