කාබුල් අගනුවර පොලිස් ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

Image copyright Getty
Image caption ජංගම දුරකතනයක් අතින් ගෙන සිටින කාබුල් අගනුවර පොලිස් ප්‍රධානියාට මේ මස මුලදී ප්‍රහාරයක් එල්ල විය

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පොලිස් ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

ගෙවුණු සති කිහිපය තුළ ඇෆ්ගනිස්තානයේ ඉහළ පෙළ දේශපාලනඥයන් හා නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර රැසක් එල්ල විය.

ඉන් අනතුරුවයි කාබුල් අගනුවර පොලිස් ප්‍රධානියා ඉල්ලා අස් වන බව නිවේදනය කළේ.

කැරලිකරුවෝ ඇෆ්ගනිස්තානයේ සිටි දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනකු සෙනසුරාදා ඝාතනය කළහ.

අධ්‍යාපනය සඳහා ආධාර ලබා දෙන පුණ්‍යායතනයක ප්‍රධානියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඒ අතර වේ.

තාලිබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ සිදු කරුණු ලබන සටන් වලින් ඉවත් වීමට නේටෝ හමුදා සුදානමින් සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර