කාන්තා හිංසකයන්ට ඉන්දීය සිසුවියන්ගෙන් ගුටි බැට

බස් රථයක් තුළදී ඉන්දීය සිසුවියන් දෙදෙනෙක් තරුණයන් පිරිසකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එරට ප්‍රධාන පුවත් සිරස්තල අතරට එක් වෙයි.

තරුණයන් පිරිස එක් වී තමාට හිරිහැර කළ බවයි ඊට මැදි වූ සහෝදරියන් දෙදෙනා පවසන්නේ.

ඊට විරෝධය පෑ විට ඔවුන් තමාට පහර දුන් බවත් සිසුවියෝ පවසති.

එහිදී සිසුවියන් දෙදෙනා තරුණයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන අයුරු වීඩියෝ පටයේ දර්ශනය වේ.

තරුණයන්ගේ හිරිහැර වලට එරෙහිව නැගී සිටි සිසුවියන් දෙදෙනා සමාජ වෙබ් අඩවි තුළ ප්‍රශංසාවට ලක් වී තිබේ.

බසයේ සිටි අනෙක් මගීන් ඊට එරෙහිව නැගී නොසිටීම සම්බන්ධයෙන් ඇතමෙක් ප්‍රශ්න කරති.

මීට වසර දෙකකට ඉහත දිල්ලි අගනුවර මගී බසයක් තුළදී තරුණියක් දූෂණය කර මරා දැමුණි.

ප්‍රසිද්ධියේ කාන්තාවන්ට සිදුවන හිංසන ඉන්දියාවේ සමාජ ගැට‍ළුවක් බවට පත්වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර