පිලිපීනය දෙසට ඇදෙන තවත් කුණාටුවක්

Image copyright EPA
Image caption තත්වයට මුහුණදීම සඳහා ආපදා සේවක කණ්ඩායම් වලට නිසි පුහුණුව ලබා දී ඇති බවයි පැවසෙන්නේ

පිලිපීනයේ නැගෙනහිර මුහුදු තීරයේ පදිංචි මිලියන ගණනක් වූ ජනතාව “හැගුපීට්” කුණාටුව කොයි මොහොතේ හෝ පැමිණෙනු ඇතැයි බියපත්ව සිටිති.

ඉතා බලවත් තත්වයට පත්ව ඇති කුණාටුව සෙනසුරාදා සවස් භාගය හෝ ඉරිදා උදෑසන ගොඩ බිම තුළට හමා එනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

ප්‍රදේශයේ පදිංචි කරුවන් දැනටමත් දේවස්ථාන, පාසැල් සහ අනෙකුත් රැඳවුම් ස්ථාන වෙත යැවීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

නැගෙනහිර සහ උතුරු සාමාර් දෙසට ගමන්කරමින් පවතින කුණාටුව වසරකට පෙර හත් දහසකට වැඩි පිරිසකට මරු කැඳවූ “හයියන්” කුණාටුවෙන් පීඩා විඳි තක්ලොබාන් නගරයට කඩා වදිනු ඇති බවටයි අනතුරුඅඟවා ඇත්තේ.

පිලිපීනයේ සමාජ සුබසාධන සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ තෙල්සා බියොලෙනා පැවසුවේ තත්වයට මුහුණදීම සඳහා ආපදා සේවක කණ්ඩායම් වලට නිසි පුහුණුව ලබා දී ඇති බවයි.

"අපේ ක්ෂණිකව ක්‍රියාකාරී විය හැකි සහන සේවා කණ්ඩායම් කුණාටුවෙන් ආපදා සිදුවියහැකි යැයි විශ්වාස කරන ප්‍රදේශ වලට යවා තිබෙනවා. ඒ ප්‍රදේශවල ඇතිවිය හැකි හදිසි තත්වයන්ට මුහුණ දිය හැකි පරිදි පුහුණුවක් ඔවුන් ලබා තිබෙනවා" යනුවෙන් ඇය පැවසුවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර